spot_img
spot_imgspot_img

කපා වළදැමූ පණුකරඳ ගස යළි ගොඩගැනීමට අධිකරණ නියෝගයක්

පුවත්

විදෙස්

අමාත්‍ය මණ්ඩලයෙන් ලැබුණු අනුමැතියක් අනව බව කියමින් විනාශ කර වළ දමා ඇති පණුකරඳ ගස යළි ගොඩගැනීම සඳහා ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ‍ෆාතිමා සහානා මහ්ජි පොලිසියට නියෝග කළාය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු පියවරේ ඉදිකිරීම් කටයුතු සිදුකරන වේයන්ගොඩ, දාරළුව ප්‍රදේශයේ මෙම ශාකය පිහිටා තිබූ අතර මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා කරන ලද පාරිසරික අධ්‍යයනයක දී එම ශාකය සොයාගන්නා තුරු එය රතු දත්ත වාර්තාවට අනුව වඳ වී ගිය ශාක විශේෂයක් ලෙස නම්කර තිබිණි.

මෙම ශාකය සොයාගැනීමෙන් පසු තවත් ශාක කිහිපයක් ඒ අවටින් සහ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ නමුත් මෙම ශාකය වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති බැවින් එවැනි ගසක් කපා ඉවත්කිරීම මෙරට නීතිය අනුව දඬුවම් ලැබිය යුතු වරදකි.

පණුකරඳ ගස කපා ඉවත්කර ඇති බව පවසමින් ගම්පහ දිසා වන කාර්යාලය අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර තිබූ අතර එම නඩුව ඊයේ (21) කැඳවූ අවස්ථාවේ දී ශාකය වළදමා ඇති ස්ථානය නිවැරදිව හඳුනාගෙන එය ගොඩගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගම්පහ දිසා වන නිලධාරී ඉසුරු අලවත්ත වෙත නියෝගයක් ද නිකුත් කළාය.  

මෙම නඩුවේ පාර්ශව කරුවකු වන පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු දක්වමින් අභියාචනාධිකරණයේ තීන්දුවකට පිටු පාමින් විනාඩි අටක් වැනි කෙටි කාලයක් තුළ මෙම දුර්ලභ ගණයේ ගස හොරෙන් කපා වළ දමා ඇති බව අධිකරණයේ දී කීවේය.

ගම්පහ දිසා වන නිලධාරී ඉසුරු අලවත්ත පවසා ඇත්තේ, කැබිනට් තීරණයකට අනුව ගස කපා ඉවත් කළ බව මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා දැනුම් දුන් බවයි. ඒ බව අතිරේක වන සංරක්ෂක ජනරාල්වරයා විද්‍යුත් තැපෑලෙන් තමන්ට දන්වා ඇතැයි ද ඔහු ප්‍රකාශ කර තිබේ.

දිසා වන නිලධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම ශාකය නැවත ගොඩගැනීමක් සිදුකරන්නේ නම් ඊට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර දිසා වන කාර්යාලය සතුව නොමැති බවයි.

ගස වළ දැමූ ස්ථානය පිළිබඳ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා දැනුම්වත්ව සිටින හෙයින් එම ගස ගොඩ ගැනීම සදහා නිෂ්චිත ස්ථානය හඳුනා ගෙන ලබන 24 වනදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරිය දිසා වන නිලධාරීවරයාට නියේාග කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!