-0.1 C
New York

නායයෑමෙන් විසි දෙකක් මරුට

Published:

ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගම්මානයකට සිදුවූ දැවැන්ත නායයාමකින් පුද්ගලයන් 22 දෙනෙකු මියගොස් සියයකට වැඩි පිරිසක් තවමත් සිරවී සිටිති.

බදාදා රාත්‍රියේ රයිගාඩ් දිස්ත්‍රික්කයේ ඉර්ෂල්වාඩි ගම්මානයේ මෙම නාය යාම සිදු වූ අතර නිවාස කිහිපයක් සමතලා විය.

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බ්‍රහස්පතින්දා රාත්‍රියේ නවතා දැමූ ගලවා ගැනීමේ මෙහෙයුම් යළි ආරම්භ කර ඇත.

බලධාරීන් පවසන්නේ ආපදා ස්ථානය කඳු මුදුනක පිහිටා ඇති අතර තියුණු බෑවුම ගලවා ගැනීමේ මෙහෙයුම් වලට බාධාවක් වන බවයි.

පුද්ගලයන් 105 දෙනෙකු පමණ තවමත් අතුරුදන්ව සිටින බව මහාරාෂ්ට්‍ර රජය ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට පසුගිය සති දෙක තුළ අධික වර්ෂාපතනයක් ලැබුුුණු අතර ගංවතුර සහ නායයෑම් ඇති විය. ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ රයිගාඩ් දිස්ත්‍රික්කය ඇතුළු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවලට ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් අධික වර්ෂාපතනයක් පවතිනු ඇති බවයි.

බදාදා නාය යාම කඳු බෑවුමක පිහිටි දුෂ්කර ගම්මානයක සිදුවී ඇති අතර ප්‍රදේශයේ නිවාස 50 න් 17 කට පමණ හානි සිදුව ඇත.

“පොළොව හදිසියේම සෙලවී අපි අපේ ගෙවල්වලින් එළියට දිව්වා,” සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු අහිමි වූ දිවි ගලවා ගත් එක් අයෙක් පැවසීය.

“මෙතැන මීට පෙර කිසි දිනෙක නාය යෑමක් සිදුවී නැත. කන්ද කඩා වැටෙනු ඇතැයි මම කිසි විටෙකත් නොසිතුවෙමි; මිනිසුන් එහි ජීවත් වූයේ එබැවිනි,” තවත් අයෙක් පැවසීය. බොහෝ අය තවමත් තම පවුලේ සාමාජිකයන් සොයමින් සිටිති.

වර්ෂාවත් සමඟ ලිස්සන සුළු තත්ත්වයට පත්වී ඇති කඳුකර ප්‍රදේශය JCB වැනි බර යන්ත්‍රවලට එම ස්ථානයට පැමිණීමට අපහසු වී ඇති අතර මඩ විශාල ප්‍රමාණයක් අතින් ඉවත් කිරීමට සිදුවූ බව නිලධාරීහු පවසති.

NDRF කණ්ඩායම්, පොලිසිය සහ වෛද්‍ය කණ්ඩායම් මේ වන විට සහන කටයුතුවල නිරතව සිටිති. ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ප්‍රදේශවාසීන් සහ කඳු නගින්නන් ද ඇතුළත් කර ඇත.

කඳු පාමුල සහන කඳවුරු පිහිටුවා ඇති අතර මේ වන විට පුද්ගලයින් 98 දෙනෙකු පමණ බේරාගෙන ඇති බව බලධාරීහු පවසති“අපගේ ප්‍රමුඛතාවය වන්නේ මිනිසුන් එම ස්ථානයෙන් ඉවත් කර තුවාලකරුවන්ට වහාම ප්‍රතිකාර කිරීමයි.”

https://www.bbc.com/news/world-asia-66264958

Related articles

Recent articles

spot_img