-2.5 C
New York

ගංජා වවන්න ඉල්ලීම් 200ක්, වන රක්ෂිත වගාබිම් කරන්න යයි ?

Published:

ගංජා වැවීම සඳහා දැනටමත් ව්‍යාපෘති යෝජනා 200ක් පමණ ලැබී ඇතැයි ද, ගංජා නීති සංශෝධනය කළ වහාම රක්ෂිතවල වගාකටයුතු සඳහා අවසර ලබාදෙන බව ද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ ය.

ඔහු මේ බව කීවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති “ස්ථාවර රටකට සැවොම එක මඟකට” නමැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ගංජා වැවීමට කටයුතු කිරීමට නම්, තිබෙන නීති සංශෝධනය කර අලුත් නීති හඳුන්වා දිය යුතුව ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ගංජා වැවීම සඳහා ආයෝජන මණ්ඩලය ආයෝජකයන් සඳහා වන පහසුකම් සළසා දීම කළයුතු අතර ඒ සඳහා වන අනුමැතිය ලබා දීම දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවට පැවරෙන බවද අමාත්‍යවරයා පැවසීය.

Related articles

Recent articles

spot_img