5.4 C
New York

පළමු ටෙස්ට් තරඟය පකිස්තානය ජය ගනී

Published:

ශ්‍රී ලංකාව සහ සංචාරක පකිස්තාන කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරඟයේ දී කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට පකිස්තාන කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ඔවුන්ට අවශ්‍ය වූයේ ලකුණු 131කි. එම ලකුණු ප්‍රමාණය කඩුලු 06ක් පමණක් දැවී ලබාගැනීට ඔවුන් සමත්විය.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 312කට දැවී ගිය අතර පකිස්තානය පළමු ඉනිමට ලකුණු 461ක් රැස් කළේය. ඒ අනුව ලකුණු 149 පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 279ක් පමණි. ඒ අනුව පකිස්තානයට ලකුණු 131ක ඉලක්කයක් ලැබිණි. ඊයේ (19) තරඟය අවසන්වනවිට පකිස්තාන කණ්ඩායම කඩුලු 03ක් දැවී ගොස් ලකුණු 48ක් ලබා සිටියේය. ඉතිරි ලකුණු 83 ලබාගැනීම සඳහා ඔවුන්ට සම්පූර්ණ දිනයක් සහ කඩුලු 07ක් අතැතිව තිබිණි.

ඒ අනුව අද දිවා ආහාරයට පෙර ම ජයග්‍රාහී ලකුණ වාර්තා කිරීමට ඔවුන් සමත්වූයේ කඩුලු 06ක් ලබා ගනිමිනි.

Related articles

Recent articles

spot_img