spot_img
spot_imgspot_img

පෙර පාසල් වෙනුවෙන් වැඩපිළිවෙලක් ඉල්ලයි

පුවත්

විදෙස්

පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවන් හා පෙරපාලස් ගුරුවරුන් වෙනුවෙන් සාධාරණ වැඩපිළිවෙලක් සකසන ලෙස ගාල්ල දිස්ත්‍රීක් පෙර පාසල් ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

ඔවුන් මේ බව කියා සිටියේ ගාල්ල කරාපිටියේ දී අද (09) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

ඔවුන් පවසන්නේ 2020 වර්ෂයේ දී පෙරපාසල් පවත්වාගෙන ගිය කාලයට වඩා නොපවැත්වූ කාලය වැඩි බවයි. මේ නිසා ඉදිරි අධ්‍යයන වර්ෂය සඳහා පාසල් ආරම්භ කිරීමට පෙර පළමු වසරට ඇතුළත්වන දරුවන් ඒ සඳහා සූදානම් කිරීම නිසි පරිදි සිදුවූයේ ද යන්න ගැටලුවක් බව ද ඔවුන් පවසයි.

ශ්‍රී ලංකාවේ පෙර පාසල් 19,000ක් පමණ පවතිනන අතර ඒවායේ පෙර පාසල් ගුරුවරියෝ 40,000ක් පමණ ඉගැන්වීමේ කටයුතු සිදුකරති. වාර්ෂිකව ඉගෙනුම ලබන දරුවන් සංඛ්‍යාව 360,000ක් පමණ වෙයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී රත්න ගමගේ මහතා මෙසේ කීවේය.

“ ශ්‍රී ලංකාවේ පෙර පාසල්වලින් දරුවන් පාසල් අධ්‍යාපනය සඳහා හැඬගැස්වීමේ මුල් විය සංවර්ධනයේ දී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු වෙනවා. මේ වසරේ දී කොරෝනා වසංගතය නිසා එය සැළසුම් කළ ආකාරයෙන් සිදුවුණේ නැහැ. රජය විශ්වවිද්‍යාල ගැනත්, පාසල් ගැනත් කතා කළාට පෙර පාසල් අධ්‍යාපනය ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. පෙර පාසල් අරින සහ වහන දවස් ගැන විතරයි කතා කරන්නේ. නමුත් අපි ඉල්ලා සිටිනවා මේ සඳහා රජය වහාම මැදිහත් විය යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය මැදිහත් වී මුල් ළමා විය සංවර්ධන දෙපාර්තමේන්තුවත් සමඟ එක් වී මේ දරුවන් පාසල් සඳහා සූදානම් කිරීමේ කෙටි කාලීන වැඩපිළිවෙලක් හඳුන්වා දීම අවශ්‍යයි. මේ සඳහා මාර්ගෝපදේශ නිකුත් කරන්න කියා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම සෑම රූපවාහිනී නාලිකාවකම අඩුම වශයෙන් සෑම දිනකම පැයක්වත් පෙර පාසල් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්න කියා අපි යෝජනා කරනවා.”

මෙහි දී රත්න ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ පෙරපාසල් පවත්වාගෙන යන ගුරුවරුන් මේ වනවිට දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙනව බවයි. තමන්ගේ දරුවන් වෙනුවෙන් දෙමාපියන් විසින් ලබාදෙන දීමනාවකින් පමණක් මේ පෙරපාසල් පවත්වාගෙන ගිය ඔවුන්ගෙන් වැඩි දෙනකු කුලියට ගත් ගොඩැගිලිවල පෙරපාසල් පවත්වාගෙන යාමට නිසා කුලිය මෙන්ම වතුර හා ජලබිල් ආදිය ගෙවීමට සිදුව තීබීමත් ඔවුන්ට ගැටලුවක් වී ඇති බව ඔහු අවධාරණය කරයි.

“ මේ ගුරුවරු දැන් කිසිම ආදායමක් නැතිව අසරණ වෙලා තියෙන්නේ රජයේ පළාත් පාලන ආයතනවලින් පවත්වාගෙන යන පෙරපාසල් හා ආගමික ස්ථාන සහ ප්‍රජාශාලාවල පවත්වාගෙන යන පෙරපාසල් හැරුණු විට අන් සෑම පෙර පාසලක් වෙනුවෙන් ම අධික මුදලක් වැයකරන්න සිදුවුණා. අද මේ ගුරුවරු ආදායමක් නැතිව අසරණ වෙලා. ඇතැම් විට තමන්ගේ ගුරු වෘත්තියේ ගෞරවය පසෙක තියලා වෙනත් කටයුතුවල නිරතවෙන්න පවා සිදුව තිබෙනවා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා පෙර පාසල් වසා තිබූ කාලය පිළිබඳ සළකා බලා මේ ගුරුවරුන්ට අවම වශයෙන් මාසයකට රුපියල් 10,000ක පමණ දීමනාවක් ලබාදෙන්න කියා. පෙර පාසල් අධ්‍යාපනය නැතිනම් මුල් ළමා විය සංවර්ධන කාර්යය අපි දිගටම අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. එ් සඳහා අපි මේ ගුරුවරුන් සහ පෙර පාසල් රැකගන්න අවශ්‍යයි.”

 මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා පෙරපාසල් ගුරුවරු රැසක් සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!