spot_img
spot_imgspot_img

කලාවර්ෂ්ණී, මාධ්‍ය හිමිකරුවන්ට පාඩමක් උගන්වයි

පුවත්

විදෙස්

අසාධාරණ ලෙස සේවයෙන් පහකරන ලද මාධ්‍යවේදිනී කලාවර්ෂ්ණී කනගරත්නම් වෙත Lyca Mobile’s Athavan Media වෙතින් රුපියල් ලක්ෂ 10ක වන්දියක් ඊයේ (18) ලබා දී තිබේ.

විදුලි සංදේශ ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන Lyca Mobile සමාගමට අයත් Athavan Media හි ප්‍රවෘත්ති කළමනාකරු ලෙස සේවය කරමින් සිටි කලාවර්ෂ්ණී කනගරත්නම් වෙත මෙම වන්දි මුදල ලබා දී ඇත්තේ කම්කරු අධිකරණයේ වසර 04ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය.

2019 මැයි මාසයේ දී Athavan Media හි සේවය කරමින් සිටි කලාවර්ෂ්ණී ඇතුළු විධායක නිලධාරීන් කිහිප දෙ‍නකු කිසිදු පූර්ව දැනුම්දීමකින් සහ පැහැදිළි කිරීමකින් තොරව සේවයෙන් ඉවත්කර තිබේ. ඔවුන්ට වහාම ඉල්ලා අස්වන ලෙස ලංඩන් නගරයේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සහ කොළඹ කාර්යාලයේ නිලධාරීන් විසින් බලපෑම් කළ බව කලාවර්ෂණී සඳහන් කරයි.  නමුත් ඇය හේතුවක් නොමැතිව ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළාය.

ඒ අනුව Athavan Media විසින් පවත්වාගෙන යන වෙබ් අඩවිවෙත ප්‍රවෘත්ති පළ කිරීමේ අවසරය ඇගෙන් ඉවත්කර තිබිණි. Athavan Media ඉන් සතියකට පසු ඇය වෙත ලිපියක් යොමුකරමින් පවසා ඇත්තේ සමාගම මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් ඇය සේවයෙන් ඉවත්කරන බවයි.

නමුත් සමාගමේ මේ ක්‍රියාවට එරෙහිව ඇය කොළඹ බොරැල්ල කම්කරු විනිශ්චය සභාවේ නඩුවක් ගොනුකළාය. එමෙන් ම බම්බලපිටිය පොලිසියට ද ඇය පැමිණිල්ලක් ගොනුකර තිබිණි.

මෙම නීතිමය ක්‍රියාදාමය දිගින් දිගටම සිදුවෙමින් පවතිද්දී පසුගිය ජුනි 23 වැනි දා Lyca Mobile’s Athavan Media සමාගම එකඟ වී ඇත්තේ ඇය වෙත ‍රුපියල් මිලියන 01ක වන්දි මුදලක් ලබාදීමයි. ඒ අනුව ඊයේ (18) කම්කරු අධිකරණයේ සභාතිවරයා ඉදිරියේ වන්දි මුදල ලබාදීම සිදුකෙරිණි.

විදුලි සංදේශ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන Lyca Mobile හි මූලස්ථාන ලන්ඩනයේ පිහිටා ඇත. එම සමාගම කලාවර්ෂ්ණී ඇතුළු කිහිප දෙනකු සේවයෙන් ඉවත්කරද්දී ඊට අදාළ ලිපියේ දක්වා තිබුණේ සමාගම බරපතල මූල්‍ය අර්බුදයක සිටින බව වුව ද ඉන් මාස කිහිපයකට පසු බෙන් හෝල්ඩින්ස් සමාගම ඇතුළු සමාගම් කිහිපයක කොටස් මිල දී ගැනීමට ද Lyca Mobile සමාගම කටයුතු කර තිබේ. එමෙන් ම Tamil FM, Oruvan, Athavan TV, Athavan වෙබ් අඩවිය සහ Athavan Radio සමාම විසින් ආරම්භ කර ඇත.

දැඩි මූල්‍ය අර්බුදයක් හේතුවෙන් කලාවර්ෂ්ණී ඇතුළු කණ්ඩායමක් සේවයෙන් ඉවත්කරන Lyca Mobile සමාගම 2019 ජූලි මස 19 වැනි දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටරලයේ පැවැති උති උත්කර්ෂවත් උත්සවයක් පවත්වා ඇති අතර ඒ සඳහා මිලියන ගණනක් වියදම් කළ බව ද අනාවරණය වී ඇත.

කලාවර්ෂ්ණී කනගරත්නම් වෙත ලැබුණු මෙම වන්දි මුදල පෙන්වා දෙන්නේ සේවක සේවිකාවන් සේවා ස්ථානයෙන් සාධාරණ සැළකිල්ලක් ලැබිය යුතු බවයි. එමෙන්ම කිසිම සමාගමකට තම සේවක සේවිකාවන් හිතු මතයේ ඉවත්කළ නොහැකි බව ද එමගින්  තහවරු වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!