-2.5 C
New York

කංසා වගාකිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි ?

Published:

කංසා වාණිජමය වශයෙයන් වගාකිරීමට හැකිවන පරිදි, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආයුර්වේද සංහෝධන පනත්  කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කරන්න යැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට  පෙත්සමක් යොමුකර තිබේ.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ කමල් බන්දුල වීරප්පෙරුම සහ ගල්හේනගේ නානායක්කාර යන ආයුර්වේද වෛද්‍යවරු දෙදෙනා විසිනි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම්කර ඇත්තේ නීතිපතිවරයා ය.

කංසා ශාකය වාණිජ වගාවක් ලෙස පළාත් සභා ලැයිස්තුවේ ඇතුළත් කර ඖෂධ උද්‍යානවල වගා කිරීමට අදාළ විධිවිධාන අදාළ පනත් කෙටුම්පතේ 7 සහ 9 වැනි වගන්තිවලින් ඉදිරිපත් කර ඇති බව පෙත්සමේ සඳහන් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව ආයුර්වේද විෂය පළාත් සභාවට අනුයුක්ත විෂයක් වන අතර මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජය විසින් පළාත් සභාවල අදහස් විමසීමක් සිදුකර නොමැති බව පෙත්සම්කරුවෝ පෙන්වාදෙති.

පළාත් සභාවල අදහස් විමසීමකින් තොරව අදාළ පනත් කෙටුම්පත සෘජුවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන උල්ලංඝනය වී ඇතැයි පෙත්සමේ සඳහන් කර ඇත.

එබැවින් මෙම සංශෝධිත පනත ඉදිරිපත් කිරීමෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවෝ සිය පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related articles

Recent articles

spot_img