බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටි පොලිස් නිලධාරීන් අතරින් 21 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (09) ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇත.
බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවල සේවය කරමින් සිටිය දී කොරෝනා රෝගින්ගේ සමීපතමයන් ලෙස සළකා මේ නිලධාරීන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබිණි.
කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් පොලිස් නිලධාරීන් කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර තිබේ.