-0.7 C
New York

පූජා නගරයේ අළුතින් ආගමික ස්ථාන ඉදිකිරීම ගැටලුවක්

Published:

අනුරාධපුර පූජා නගරය තුළ විශාල වශයෙන් ආගමික ස්ථාන ඉදිකිරීම සම්බන්ධව අනුරාධපුර පූජා නගර සැලසුම් කමිටුව ප්‍රගති සමාලෝචන කමිටුවේදී අවධානයට යොමුවී ඇත.

මෙසේ පූජා නගර සීමාව තුළ හා ඉන් පිටත ආසන්න ප්‍රදේශ වල කිසිදු පාලනයකින් තොරව ආගමික ස්ථාන ඉදිවීම විශාල ගැටලුවක් බවට පත්ව ඇතැයි එහිදී සාකච්ඡාවට ලක්වී තිබේ.

පූජා නගරය තුළ අනවසරයෙන් සිදුකරන මෙවැනි ඉදිකිරීම්, මාර්ග දෙපස වෙළඳාම් කටයුතු සිදු කිරීම් සහ පූජා නගරයකට නොගැලපෙන නාම පුවරු වැනි දේ පිළිබඳ නියාමනයක් අවශ්‍ය බව එහිදී සඳහන් කෙරිණ.

මෙවැනි කටයුතු පාලනය කිරීම සඳහා‍ පූජා නගරයට අයත් භූමිය ගැසටි කිරීමේ අවශ්‍යතාවය සියලු පාර්ශවයන් විසින් පෙන්වා දුන් අතර එය කඩිනමින් සිදුකරන බව සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා එහිදී පවසා ඇත.

Related articles

Recent articles

spot_img