-1.6 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 28,188  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 3,123ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 132ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,727ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 256
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 225
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 213

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 22
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 18
  • රිල් ප්‍රොපටි සමාගම කොටස් මිලියන 07

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම  33%
  • එස්එන්බී ලීසිං සමාගම 14%
  • රිල් ප්‍රොපර්ටි සමාගම 11%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • එච්එන්බී බැංකුව කොටස් 350,000ක් රුපියල් 175.00 බැගින්
  • ඩීඑෆ්සීසී බැංකුව කොටස් 500,000ක් රුපියල් 57.50 බැගින්
  • ඒසීඑල් කේබල් සමාගම කොටස් මිලියන 02ක් රුපියල් 86.00

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 283
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 227
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 218

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 87ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 61ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 26ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.    

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 28
  • කොමර්ෂල් බැංකුව (X) රුපියල් මිලියන 13
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 09

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 40
  • රේණුක හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 05
  • සෙලින්කෝ රක්ෂණ සමාගම (X) රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img