-0.7 C
New York

වෘත්තීය පුහුණුවට පාසල තුළ නව වැඩසටහනක්

Published:

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වන මාස තුනක පමණ කාලයේ දී තමන් කැමති වෘත්තීය පාඨමාලාවක් පාසල තුළ දී ම හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමි කර දීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එමගින් උසස් පෙළ හැදෑරුවත් නැතත් සිය ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සුරක්ෂිත බවක් සිසුන්ට ලද හැකි බව ද හෙතෙම සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ය.

Related articles

Recent articles

spot_img