-0.1 C
New York

දකුණු කොරියාවේ ගං වතුර : 22ක් මරුට

Published:

දකුණු කොරියාවේ පසුගිය දින කිහිපයේ ඇතිවූ ධාරානිපාත වර්ෂාව සහිත අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් 22දෙනකු මියගොස් 14දෙනකු අතුරුදන්ව තිබේ.

උතුරු චියැංචොං පළාතේ වේල්ලක් මතින් ජලය පිටාර ගැලීම හේතුවෙන් පුද්ගලයින් 4,763 දෙනෙකු ඉවත් කර ඇති බව අභ්‍යන්තර හා ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ධාරානිපාත වර්ෂාවෙන් මාර්ග යටවී, මෝටර් රථ ගසාගෙන ගොස් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල විය.

ඉරිදා(16) දිනයේදී කොරියානු අර්ධද්වීපයට තවත් තද වැසි අපේක්ෂා කරන බව කොරියානු කාලගුණ විද්‍යා පරිපාලනය අනාවැකි පළ කරයි.

ප්‍රදේශ කිහිපයකම දරුණු නායයෑම් ද ඇතිවී තිබේ. නායයෑම් හේතුවෙන් වැඩි වශයෙන් ජීවිත හානි වාර්තා වී ඇත්තේ උතුරු ග්යොංසාං පළාතෙනි.

මධ්‍යම Chungcheong පළාතේ භූගත උමං මාර්ගයක මෝටර් රථ 19 ක් යටවී ඇති බව බලධාරීහු පවසති – මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට බියක් ඇති කරයි.

ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය වන ලෙස අගමැති හැන් ඩක්-සූ හමුදාවෙන් ඉල්ලා තිබේ.

පසුගිය දෙසතිය තුළ අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාව, චීනය, ජපානය ඇතුළු රටවල් කිහිපයක දරුණු ගංවතුර සහ නායයෑම් ඇතිවිය.

 විද්‍යාඥයන් පවසන්නේ දේශගුණික විපර්යාස නිසා ඇතිවන උණුසුම් වායුගෝලය වැඩි තෙතමනයක් රඳවා ගන්නා බැවින් අධික වර්ෂාපතන තත්ත්වයන් ඇතිවන බවයි.

https://www.bbc.com/news/world-asia-66209578

Related articles

Recent articles

spot_img