-0.7 C
New York

දේවගැති ජෙරම්, මුදල් උපයාගත් හැටි ගැන පරීක්ෂණ

Published:

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් ආගමික සංහිඳියාව බිඳ දැමීමට උත්සාහ කළා යැයි චෝදනා ලබා සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා ආදායම් උපයාගත් ආකාරය පිළිබඳ ගැටලුවක් ඇති බැවින් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බවට අරපාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද (14) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කරුණු වාර්තා කළේය.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු කටුනායක “මිරකල් ඩෝම්” නමින් පවත්වාගෙන යන දේශන ශාලාව ඉදිකිරීමට රුපියල් කෝටි 250කට අධික මුදලක් වැය කර ඇතැයි ද එහි දී ප්‍රකාශ කෙරිණි. එම මුදල් උපයාගත් ආකාරය පිළිබඳ විමර්ශන සිදුකරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කීහ.

තව ද ජෙරම් ප්‍රනාන්දු නමින් මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ වාහන 14ක් ලියාපදිංචි වී ඇති බවත්, එම වාහන මිල දී ගැනීමට මුදල් උපයාගත් ආකාරය නොදන්නා බවත් නිලධාරීන් කියා සිටියේය. එමෙන් ම ඔහු සහ ඔහුගේ සමීපතම ඥාතීන් කිහිප දෙනකු පවත්වාගෙන යන සමාගම් 05ක් සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදුකරන බව අධිකරණයට දැනුම් දෙන ලදී.

Related articles

Recent articles

spot_img