spot_img
spot_imgspot_img

වකුගඩු රෝගීන් 07 දෙනකු හදිසියේ මරුට. ප්‍රතිකාර උපකරණයක දිලීර වර්ධනයක් දැයි සැකයක්

පුවත්

විදෙස්

වකුගඩු රෝගීන් සඳහා සිදුකරන පරිතාන කාන්දුකරණ උපකරණයේ ඇති දෝෂයක් හේතුවෙන් පසුගිය මාස දෙකක කාලයක දී ‍රෝගීන් 07 දෙනකු මියයාම හේතුවෙන් මඑම උපකරණ කට්ටල භාවිතය නවතා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

වකුගඩු අකරමන්‍ය වූ රෝගීන් සඳහා ප්‍රතිකාර ‍ක්‍රම දෙකක් භාවිතා කරයි. එකක් රුධිර කාන්දු පෙරණය (Hemodialysis) ලෙසත්, අනෙක් ක්‍රමය පරිතාන කාන්දුකරණය (Peritoneal dialysis) ලෙසත් හැඳින්වේ. පරිතාන කාන්දුකරණය (Peritoneal dialysis) රෝගීන් සඳහා නිවසේ සිටම කරගත හැකි ක්‍රමයකි.

ඒ අනුව මහනුවර ජාතික රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය මගින් එවැනි රෝගීන් සඳහා නිවෙස්වලට ම පරිතාන කාන්දුකරණ උපකරණ සපයා දී තිබිණි.

මහනුවර වකුගඩු ඒකකයේ ලියාපදිංචි වී පරිතාන කාන්දුකරණ ප්‍රතිකාර ලබාගත් ‍78 හැවිරිදි වියේ පසු වූ රෝගියකු හදිසියේ ම මියයාමත් සමඟ මේ උපකරණ ආපසු කැඳවීමට රෝහල් බලධාරීන් තීරණය කර ඇත. එලෙස මියගිය රෝගියා ප්‍රාදේශීය රෝහලක වෛද්‍ය නිලධාරියකුගේ පියෙක් බව ද අනාවරණය වෙයි.

මේ පිළිබඳ සොයා බැලීමේ දී අනාවරණය වූයේ පරිතාන කාන්දුකරණය සිදුකරන රෝගීන් 07 දෙනකු පසුගිය මාස දෙක තුළ විරින්වර මියගොස් ඇති බවයි. එම මරණවලට හේතුව පරිතාන කාන්දුකරණ සඳහා යොදාගත් උපකරණ කට්ටලයේ දිලී වර්ධනය වීමම යැයි ද සැකයක්  ඇතිවී තිබෙන බව රෝහල් බලධාරීන් පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති මෙම උපකරණ තොගයේ තිබූ කැතීටරයේ කෙළවර ආවරණය කරන මූඩිය සහ රෝගියාගේ සිරුරේ පරපිතාන කුහරයට යොදන දියරමය ද්‍රව්‍යයේ ඇති දිලීර හේතුවෙන් මෙලෙස රෝගීන් මියයන්නට ඇතැයි සැක කරයි.

පරිතාන කාන්දුකරණය සිදුකරන රෝගීහු 197 දෙනකු මහනුවර වකුගඩු ඒකකයේ ලියාපදිංචි වී සිටිති.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!