-2.5 C
New York

කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළට

Published:

කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 27,937ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 3,058ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 174ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,489ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 260
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 234
  • හේලීස් සමාගම රුපියල් මිලියන 212

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 34
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 14
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 10

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ට් සමාගම (X) 33%
  • එච්.වී.ඒ. ෆුඩ් සමාගම 24%
  • කුඩා තේ වතු සංවර්ධන සමාගම 15%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ඩිස්ටරලීස් සමාගම කොටස් 1,000,000ක් රුපියල් 22.50 බැගින්
  • සණස සංවර්ධන බැංකුව කොටස් මිලියන 1.2ක්  රුපියල් 31.00 බැගින්
  • හේලීස් සමාගම කොටස් 250,000ක් රුපියල් 90.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 275
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 220
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 218

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 112ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 136ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 24ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.    

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 27
  • ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 26
  • කාර්ගීල්ස් සමාගම රුපියල් මිලියන 13

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • හේකාබ් සමාගම රුපියල් මිලිය 21
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 15
  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 11

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img