දකුණු පළාතෙන් අද ආසාදිතයන් 03යි.

0
277

දකුණු පළාතෙන් අද (09) දිනයේ කොරෝනා ආසාදිතයන් තිදෙනකු හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි.

මෙම රෝගීන් තිදෙනා හඳුනාගෙන ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කෝට්ඨාසයෙන්, මාතර දිස්ත්‍රික්කයෙන් අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හා හම්බන්තොට ඔ්කේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කෝට්ඨාසයෙන් වශයෙනි.

මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 112ක් දක්වාත් මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 36ක් දක්වාත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 23ක් දක්වාත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව දකුණු පළාතෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 171 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here