1.6 C
New York

ඉන්දියාවට හඳුන්වාදුන් චීටාවන්ගෙන් 07ක් මිය ගිහින්

Published:

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කුනෝ ජාතික වනෝද්‍යානයට හඳුන්වාදුන් චීටාවුන් අතරින් තවත් චීටාවෙක් මිය ගොස් ඇතැයි වාර්තා වේ. මේ අනුව පසුගිය වසරක පමණ කාලසීමාව තුළ මිය ගිය චීටාවුන් සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබේ.

කුනෝ ජාතික වනෝද්‍යානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, චීටා මිය ගියේ ගැටුමකින් බවට සැක කරන බවයි.

තුවාල සහිතව සිටි තේජාස් නම් මෙම පිරිමි චීටා නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.

චීටාවන් 1952 දී ඉන්දියාවේ වඳ වී ගොස් ඇති බව ප්‍රකාශයට පත් කර තිබිණි. එම විශේෂය නැවත බෝ කිරීමේ අරමුණින් ඔවුන් පසුගිය වසරේ හඳුන්වා දෙන ලදී.

2022 සැප්තැම්බර් මාසයේදී චීටාවන් 8 දෙනෙකු නැමීබියාවේ සිට ගෙන එන ලද අතර 2023 පෙබරවාරි මාසයේදී දකුණු අප්‍රිකාවෙන් සතුන් 12ක් ගෙන එන ලදී.

මෙයින් චීටාවන් තිදෙනෙකු පසුගිය මාස දෙක තුළ මිය ගොස් ඇත. මාර්තු මාසයේදී කුනෝහිදී නැමීබියානු චීටාවකට ලැබුණු පැටවුන් තිදෙනෙක් පසුගිය මැයි මාසයේදී මිය ගියහ.

පැටවුන් දුර්වල, අඩු බර සහ අතිශයින් විජලනය වී සිටි බව එම අවස්ථාවේ උද්‍යාන බලධාරීහු පැවසූහ. වැඩිහිටි චීටා මිය ගියේ වකුගඩු අකර්මණ්‍ය වීම සහ සංසර්ගයේදී ඇතිවූ තුවාල හේතුවෙනි.

චීටාවන් නැවත ඉන්දියාවට හඳුන්වාදීම අගමැති නරේන්ද්‍ර මෝදි විසින් දියත් කරනු ලැබුවේ මහත් උද්යෝගයක් මධ්‍යයේය. වනජීවී විශේෂඥයින් මෙම පියවර පිළිගෙන ඇති නමුත් ඇතැමුන් වෙනත් විලෝපිකයන්ගෙන් චීටාවුන්ට ඇති විය හැකි අවදානම සහ ප්‍රමාණවත් ගොදුරු නොමැති බව සම්බන්දව අනතුරු ඇඟවීය.

මැයි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය සත්ත්ව මරණ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කළ අතර බළලුන් විකල්ප ස්ථානයකට ගෙනයාම ගැන සලකා බලන ලෙස ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටියේය.

චීටාවන් බොහෝ ඉන්දියානු ජන කතාවල කොටසක් වන බැවින් ඹවුන්ට ඉන්දියාවේ විශාල සංකේතාත්මක වටිනාකමක් ඇත. නමුත් දඩයම් කිරීම, වාසස්ථාන විනාශ වීම සහ ගොදුරු නොමැතිකම හේතුවෙන් 1947 නිදහසෙන් පසු වඳ වී ගිය එකම විශාල ක්ෂීරපායි සත්වයා ද වේ.

https://www.bbc.com/news/world-asia-india-66172508

Related articles

Recent articles

spot_img