-0.7 C
New York

පණුකරඳ ශාකය ඉවත්කළේ අමාත්‍ය මණ්ඩලයේ තීරණයකින්

Published:

පණුකරඳ ගස කපා ඉවත්කළේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් යැයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

එහි දී අමාත්‍යවරයා කියා සිටියේ විවිධ හේතු කියමින් මේ ගස ඉවත් නොකිරීමෙන් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා අමතර රුපියල් බිලියන 15ක මුදලක් වැය වන බවයි. රටේ ආර්ථිකය බිඳවැටී ඇති අවස්ථාවක එවැනි වියදමක් දැරිය නොහැකි බවත් මෙම පණුකරඳ ශාකය වසර 100කට වඩා පැරණි වුවත් වසර 40ක් පමණ පැරණි තවත් ශාක 15ක් ඒ අවට ප්‍රදේශයේ දක්නට ඇති බැවින් මෙම ශාකය ඉවත්කළ බව ද ඇමතිවරයා කියා සිටියේය.

“මෙම ශාකය සම්බන්ධ සියු කරුණු අමාත්‍ය මණ්ඩලයට දැනුම්දීමෙන් පසු ඒ ගැන තීරණයක් ගෙන ශාකය ඉවත්කිරීමට කටයුතු කළා. මේක අමාත්‍ය මණ්ඩල තීරණයක්. මේ ශාකය ඉවත්කිරීමෙන් පණුකරඳ ශාකය ලෝකයෙන්ම වඳ වෙනවා යැයි බොරුවක්, මිත්‍යාවක් රට පුරා ප්‍රචාරය කළා. ඒක කඩාකප්පල්කාරී තත්වයක්.”

Related articles

Recent articles

spot_img