-0.7 C
New York

ශ්‍රී ලංකා රක්ෂණ, ලිට්‍රෝ ඇතුළු රජයේ සමාගම් හතරක කොටස් විකිණීමට අනුමැතිය ලැබෙයි

Published:

රජය සතු සමාගම් අතරින් තවත් සමාගම් 04ක කොටස් විකුණා දැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස් සමාගම, හොටෙල් ඩිවෙලොපර්ස් ලංකා සමාගම සහ කැන්විල් හෝල්ඩින්ස් (පුද්ගලික) සමාගම මෙලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතය.

ඒ සඳහා අවශ්‍ය උපදේශකයන් තෝරාගැනීම පිණිස අන්තර්ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින්, අභිමතය ප්‍රකාශ කිරීම් (EOI) සහ යෝජනා ඉල්ලීම් (RfP) කැඳවා ඇත.

රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයි විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව වෙත යොමුකරන ලද කෙටි ලැයිස්තුගත කිරීමක් පිරික්සා බැලීමෙන් අනතුරුව ගුණාත්මක බව සහ පිරිවැය මත පදනම් වූ ක්‍රමවේදයක් අනුගමනය කරමින් මෙම සමාගම් හතරට ප්‍රමුඛතාවක් ලබාදෙමින් තෝරාගැනීම සිදුකර තිබේ. ඒ අනුව අදාල ආයතනවල රජය සතු කොටස් විකුණා දැමීම සඳහා අවශ්‍ය උපදේශකයන් ද තෝරාගෙන ඇත.

එම උපදේශකයන් සමඟ අවශ්‍ය ගිවිසුම්වලට එළඹීම සදහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා‍ ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related articles

Recent articles

spot_img