ආසාදිතයන් 02ක් වාර්තා වූ වැඩිහිටි නිවාසයේ අයෙක් ඇදවැටී මියගිහින්

0
204

කොරෝනා ආසාදිතයන් දෙදෙනකු වාර්තා වූ කුරුණෑගල මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි පුද්ගලයකු අද (09) ඇදවැටී මියගොස් ඇතැයි වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 69 හැවිරිදි මල්ලවපිටිය හෙට්ටියාවත්ත පදිංචිව සිටි පිරිමි පුද්ගලයෙකි. වැඩිහිටිනිවාසයේ පාලකයන් දැනුම් දී ඇත්තේ ඔහු ලිස්සා වැටුණු බවයි. කෙසේ වෙතත් මියගිය තැනැත්තාගේ සිරුර මරණ පරීක්සණයක් පැවැත්වීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට යවා ඇත.

වැඩිහිටි නිවාසයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බව වාර්තා වීමෙන් පසුව අද (09) දිනයේ එහි නේවාසික වැඩිහිටියන් සමඟ කාර්ය මණ්ඩලය සහ පාලක මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු 38 දෙනෙකු පීසීආර් පරීක්ෂණයට ලක් කළ බවද වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මාරි ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here