spot_img
spot_imgspot_img

“දුශ්ශීල මහණුන් ගැන අපි බලාගන්නම්” – අනු නාහිමිවරු කියති

පුවත්

විදෙස්

දුෂ්ශීල භික්ෂූන් සම්බන්ධයෙන් ඒ ඒ නිකාය මගින් ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජනතාව ආවේගශීලීව නීතිය අතට ගෙන කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් මල්වතු-අස්ගිරි උභය මහා විහාරික අනුනායක හිමිවරු ප්‍රකාශ කරති.

අනුනාහිමිවරු පවසන්නේ දුෂ්ශීල භික්ෂූන් සම්බන්ධ නිකාය මගින් එවැනි අවස්ථාවල දී ඒ ඒ නිකායට අයත් සංඝ සභා මගින් පරීක්ෂණ පවත්වා අදළ හිමිවරුන්ගේ හාසනික වරප්‍රසාද පවා අහිමි කළ අවස්ථා බොහෝ තිබෙන බවයි. ඒවාට මාධ්‍ය මගින් ප්‍රචාරයක් නොලැබීම කණගාටුවට කරුණක් බව ද උන්වහන්සේලා ප්‍රකාශ කරති.

මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරු වන වේඩරුවේ උපාලි, ආණමඩුවේ ධම්මදස්සි යන නාහිමිවරු මේ බව ප්‍රකාශ කියා සිටියහ.

සමාජ මාධ්‍ය මඟින් කරනු ලබන ඇතැම් ප්‍රචාර වැරදි පරමාර්ථ මුල්කර ගනිමින් සිදු කරන බව බෞද්ධ ජනතාව බුද්ධිමත්ව අවබෝධ කරගත යුතුව ඇතැයි ද යම් සිදුවීමක් මූලික කර ගෙන මහජනතාව ආවේගශීලීව නීතිය අතට ගෙන කටයුතු කරන්නට යෑමෙන් අවසානයේ වරදකරුවන් වී නීතිය ඉදිරියේ දඬුවම් විඳින්නට සිදු වන්නේ ඔවුන්ටම බව ද අනුනාහිමිවරු පවසති.

මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියෝ මෙසේ කීහ.

“සියලු දෙනා මනුෂ්‍යයින් වුවත් මිනිසුන් අතර, දේව, මනුෂ්‍යය, යක්ෂ, රාක්ෂ, ප්‍රේත ස්වභාවයන් දක්නට ලැබෙනවා. වැඩිදුර කල්පනා නොකරන අඥාන පුද්ගලයින් රාගී චේතනාවන්ට නැඹුරුව සිදු කරන වැරදි සම්බන්ධයෙන් අප යථාර්ථ වශයෙන් තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් සත්‍යය මත පදනම් වූ සම්බුද්ධ දර්ශනයට මේවායින් කිසිදු බලපෑමක් සිදු වන්නේ නැහැ. මෙවැනි සිදුවීමවල දී අඥාන ලෙස නොහැසිරී බෞද්ධ ආකල්ප මෙන්ම බෞද්ධ සම්ප්‍රදායන් හොඳින් පවත්වාගෙන යෑමට අධිෂ්ඨාන කිරීම වැදගත් වෙනවා.”

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි අනුනාහිමියෝ අදහස් දක්වමින් මෙසේ කීහ.

“බෞද්ධ ජනතාව මෙවැනි අවස්ථාවක ආවේගශීලීව කටයුතු කර වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැරීමෙන් සිදුවන්නේ සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේලා පවා අපහසුතාවට පත්වීම. සංඝ සමාජය තුළ අතීතියේ පටන් මේ ආකාරයට කටයුතු කළ භික්ෂූන් වහන්සේලා සිටියා.  බුදුන් වහන්සේට වරින්වර විනය නීති පැනවීමට සිදු වූයේ මේ නිසා. වර්තමානයේ සමාජ මාධ්‍ය සියලු දෙනා වැලඳගෙන සිටින බැවින් මෙවැනි සිදුවීම් ඉතා සුළු කාලයක දී වැඩිපිරිසක් අතරට පැතිර යනවා. මේ සිදුවීම් නිසා භික්ෂු සමාජය කෙරෙහි ජනතාව තුළ පවතින ආකල්ප වෙනස් වී  ඉදිරියේ දී ශාසනයට දරුවකු පූජා කිරීමට පවා දෙමවුපියන් මැළි වෙවි. ඇතැම් බෞද්ධ විරෝධී කණ්ඩායම්වලට අවශ්‍ය වී ඇත්තේ එයයි.”

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනු නාහිමියෝ අදහස් දක්වමින් මෙසේ කීහ.

“විනය විරෝධී ලෙස කටයුතු කරන භික්ෂූන් සම්බන්ධයෙන් ඒ ඒ සංඝ සභාවන් මඟින් විනය ක්‍රියාමාර්ග ගන්නවා. එය ගිහියන්ට කළ හැකි දෙයක් නෙවෙයි.  බවත් එය ගිහියන්ට කළ නොහැකි බවත් පැවසූහ.

-දිනමිණ-

1 COMMENT

  1. සමාජ මාධ්‍යජාලා තිබෙන නිසා හොඳට ගියා. නැත්නම් පන්සලේ මල් පිපිනෙකන් අපිට බලාගෙන ඉන්න වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!