spot_img
spot_imgspot_img

ආන්දෝලනාත්මක, පණුකරඳ ශාකය ඉවත්කරයි

පුවත්

විදෙස්

මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා සැළසුම් සකස් කිරීමේ දී දැඩි ආන්දෝලනයට තුඩුදුන් පණුකරඳ ශාකය අද (10) සවස කපා ඉවත්කර ඇතැයි දාරළුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ කියති.

කිසියම් පිරිසක් බැකෝ යන්ත්‍රයක් සහ තවත් වාහන කිහිපයක් ගෙනවිත් මෙ ශාකය ඉවත්කළ බව ඔවුහු කියති.

Crudia zeylanica නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන පණුකරඳ ශාකය ලෝකයට මුල් වරට හඳුන්වා දී ඇත්තේ බෙන්තර ගඟ අසබඩ තිබී 1868 වර්ෂයේ දී ය. ඉන් පසු පේරාදෙණිය උද්භිද උද්‍යානයේ තිබූ මෙම වර්ගයේ ශාකයක් 1911 වර්ෂයේ දී මියගොස් තිබිණි. 1998 වර්ෂයෙන් පසු මෙරට කිසිම ස්ථානයකින් වාර්තා වී නොතිබූ බැවින් 2006 සහ 2012 රතු දත්ත පොත්වල මෙම ශාකය වඳවී ගිය ශාක විශේෂයක් ලෙස නම්කර තිබිණි.

එවැනි තත්වයක් තිබිය දී 2019 වර්ෂයේ දී මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා පාරිසරික අධ්‍යයන වාර්තාවට දායක වූ පරිසරවේදී හිමේෂ් ඩිල්රුවන් දාරළුව දුම්රිය ස්ථානය අසළ දී මේ වර්ගයේ හොඳින් වර්ධනය වූ ශාකයක් සොයා ගැණිනි. එම ශාකය පිළිබඳ සිදුවූ ප්‍රචාරයත් සමඟ එය දැඩි අවධානයට ලක්වූ අතර පසුව ගම්පහ දිසා වන සංරක්ෂණ නිලධාරී දේවානි ජජයතිලක මෙම ශාකය ඉවත්කිරීමට විරෝධය දැක්වීමත් සමඟ එය දැඩි ආන්දෝලනාත්මක ශාකයක් බවට පත්විය.

මේ අතර ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයෙන් මෙන්ම දාරළුව ප්‍රදේශය අවට ස්ථාන කිහිපයකින් ම පණුකරඳ විශේෂයේ තවත් ශාක රැසක් සොයාගැනීමට පරිසරවේදීන් සමත්ව තිබිණි.

රජය දිගින් දිගටම කියා සිටියේ දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති මෙම ආන්දෝලනාත්මක වූ පණුකරඳ ශාකය ඉවත්නොකර එය බේරා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන්නේ නම් ඒ සඳහා අමතර විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවයි.

එවැනි තත්වයක් තුළ අද (10) එම ආන්දෝලනාත්මක පණුකරඳ ශාකය ඉවත්කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!