-0.7 C
New York

පාසල් ශිෂ්‍යාවෝ තිදෙනෙක්, පොලිසියට වෙට්ටු දමා අත්අඩංගුවට

Published:

පොලිස් අණ නොතකමින් ධාවය කළ ජීප් රථයක් කිහිප අවස්ථාවක් උත්සාහ කර නැවැත්වූ විට එහි සිටි පාසල් සිසුවියන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ බාළිකා පාසලක ඉගෙනුම ලබන තිදෙනෙකි.

මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් අපරික්ෂාකාරී ලෙස ධාවනය වන බව දුටු මරදාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් එම රථය නැවැත්වීමට සංඥා කළ ද නොනවත්වා ධාවනය කර තිබිණි. ඉන් පසු එම රථය පිළිබඳ පොලිස් නිලධාරීන් විසින් පොලිස් මෙහෙයුම් මැදිරිය දැනුම්වත් කර ඇති අතර මරදාන ටෙක්නිකල් හන්දියේ දී නැවත පොලිස් නිලධාරීන් පිරිසක් විසින් රථය නවතන ලෙස සංඥා කළඳ එම අණ නොතකා ඉදිරියට ම ධාවනය කර ඇත. පසුව කැලෑපොළ ආසන්නයේ දී ද පොලිස් නිලධාරීන් රථය නැවැත්වීමට උත්සාහ ගත්ත ද එය නවතා නැත.

ඉන්පසු රථය පසුපස හඹාගිය පොලිස් නිලධාරීන් රථය නවත්වා එහි සිටි පිරිස පරීක්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ පාසල් ශිෂ්‍යාවන් තිදෙනකු මෙම රථය ධාවනය කර ඇති බවයි. ඔවුන් තිදෙනාම පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Related articles

Recent articles

spot_img