ගුරු විද්‍යාපීඨ සියල්ල, විශ්වවිද්‍යාල බවට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
මේ වනවිට විද්‍යාපීඨ 19ක් ශ්‍රී ලංකාවේ පිහිටා ඇත.
විද්‍යාපීඨ සඳහා දැනට බඳවා ගන්නේ වසර 03ක පාඨමාලාවක් සඳහා වුව ද ඉදිරියේ දී පාඨමාලා කාලය වසර 04ක් දක්වා දීර්ඝ කරන බව ද අමාත්‍යවරයා කීවේය. එමගින් ඉදිරියේ දී උපාධිධාරී පුහුණු ගුරුවරුන් පාසල්වලට බඳවාගැනීමට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරි පියවර ගන්නා බවත් නමුත් ශිෂ්‍ය සංගම් බිහිකිරීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.