1.6 C
New York

ළදරු පාසලේ පිහි ඇනුමකින් 06 දෙනකු මරුට

Published:

චීනයේ ගිනිකොනදිග ගුවැන්ඩොං පළාතේ ළදරු පාසලක පිහි ඇනුමකින් ළමුන් තිදෙනෙකු ඇතුළු 6 දෙනෙකු මියගොස් තිබේ.

සිද්ධියට සම්බන්ද 25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අනෙක් වින්දිතයින් ගුරුවරියක් සහ දෙමාපියන් දෙදෙනෙකු බවත් එක් අයෙකු ද තුවාල ලබා ඇති බවත් පැවසේ.

පොලිසිය මෙය “හිතාමතා පහරදීමක්” ලෙස නම් කර ඇති නමුත් චේතනාව කුමක්දැයි විස්තර කර නැත.

ප්‍රහාරය එල්ල වූයේ සඳුදා උදෑසන දෙමව්පියන් තම දරුවන් පන්ති සඳහා පිටත් කර යවමින් සිටියදී ය.

ළදරු පාසල අසල සේවය කරන ගබඩා හිමියෙකු පැවසුවේ අවට ප්‍රදේශය මුද්‍රා තබා ඇති බවයි.

ප්‍රදේශයේ මිලියන 1.87 ක පමණ ජනගහනයක් ජීවත් වන අතර ප්‍රහාරයේ වීඩියෝ දර්ශන චීන සමාජ මාධ්‍ය හරහා පැතිරීමත් සමඟ ඔවුන් කෝපයට හා කම්පනයට පත් විය.

චීනයේ ගිනි අවි තහනම් නමුත් පසුගිය වසර කිහිපය තුළ රට තුළ පිහි ප්‍රහාර සිදුවීම් රාශියක් දක්නට ලැබිණි. ප්‍රහාරකයා රසායනික ඉසින භාවිතා කර ළමුන් 50 දෙනෙකුගෙන් යුත් පන්ති කාමරයකට කඩා වැදී තුවාල සිදු කිරීමේ එක් සිද්ධියක් ද විය.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී, ගිනිකොනදිග ජියැන්ග්සි පළාතේ ළදරු පාසලකට පිහි අතැති ප්‍රහාරකයෙකු කඩා වැදී තිදෙනෙකු මිය ගොස් හය දෙනෙකුට තුවාල සිදුවිය.

මෙම බොහෝ සිද්ධීන්හි අපරාධකරුවන් පිරිමින් වන අතර සමාජය කෙරෙහි අමනාපයකින් පසුවූ අය බව හඳුනාගෙන ඇත. එක්සත් ජනපදයේ සිට ජපානය දක්වා වෙනත් රටවල සමූහ ඝාතන වලදී සමාන රටා දක්නට ලැබේ. එහෙත් ප්‍රවීණයන් පවසන්නේ චීනයේ සමූහ පිහි ඇනුම වැඩි වීමට අමතර හේතු කිහිපයක් තිබිය හැකි බවයි.

දැඩි සීමා කිරීම් සිදු කළ Covid-19 වසංගතය එක් හේතුවක් විය හැකි බව ඔවුහු විශ්වාස කරති. එහි පසු ප්‍රතිවිපාක තවමත් හොඳින් වටහාගෙන නැත, නමුත් කෝපය, අමනාපය වැනි හැඟීම් ඇතුළත් විය හැකි අතර රැකියා, ආයෝජන සහ සබඳතා අහිමිවීම් ද ඇතුළත් විය හැකිය.

චීන සමාජයේ තරුණ පිරිමින් කෙරෙහි ඇති අධික ආතතිය සහ ඉහළ අපේක්ෂාවන් අනෙකුත් විය හැකි සාධක වේ.

https://www.bbc.com/news/world-asia-china-66151247

Related articles

Recent articles

spot_img