spot_img
spot_imgspot_img

අධිකරණ නියෝගයකින්, ගාල්ල‍ේ ඉන්ධන පිරවුම්හළ ඉවත්කරනවාට විරෝධයක්

පුවත්

විදෙස්

ගාල්ල නගරයේ බාලදක්ෂ මාවත ආරම්භක ස්ථානයේ පිහිටා ඇති සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හළෙහි සවිකර ඇති උපකරණ ගලවා ඉවත්කර රැගෙන යාමට අද (08) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ එහි උණුසුම් තත්වයක් ඇතිවිය.

එම පිරවුම්හළ පවත්වාගෙන යන්නේ පුද්ගලික ආයතනයක් විසිනි. රජය සතු ඉඩමක මෙම ඉන්ධන පිරවුම්හළ පිහිටා ඇති අතර එය ඉවත්කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලැබී තිබේ.

මෙම අධිකරණ නියෝගය හේතුවෙන් දින කිහිපයක් තිස්සේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මෙම පිරවුම්හළට ඉන්ධන සැපයීමක් සිදුකර නොමැති අතර එහි සවිකර ඇති ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු උපකරණ ඉවත්කිරීමේ අරමුණින් එම නිලධාරීන් පැමිණ තිබිණි.

ඉන්ධන පිරවුම්හළේ හිමිකරුවන් පවසන්නේ එම පිරවුම්හළ වසර 35ක කාලයක් එම ස්ථානයේ පවත්වාගෙන ගිය බවයි. අධිකරණයේ දී ඇති නියෝගය ඊට ඉහළ අධිකරණයකට අභියාචනයක් යොමුකර එය ලබන මාසයේ විභාගයට ගැනීමට නියමිතව තිබිය දී මෙලෙස උපකරණ ගලවාගෙන යාම අසාධාරණයැයි ඔවුහු කියති.

එම පිරවුම්හළේ කාර්ය මණ්ඩලය ද මෙලෙස යන්ත්‍ර සහ උපකරණ ගලවාගෙන යාමට එරෙහිව දැඩි විරෝධයක් දැක්වූ අතර ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් තමන්ට රැකියාව පවා අහිමිවන බවයි. එමෙන් ම මෙම පිරවුම්හළ මගින් සේවාවන් ලබාගන්නා ධීවරයන් ඇතුළු විශාල පිරිසක් ද එම උපකරණ ගලවා දැමීමේ කාර්යයට විරෝධය දැක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!