-0.7 C
New York

අක්ෂි රෝහලේ දී මියගිය කාන්තාවට දුන්, නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට

Published:

අක්ෂි රෝහලේ දී රෝගීන් නිර්වින්දනය කිරීම සඳහා භාවිතා කළ ඖෂධ කාණ්ඩය භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

මෙම ඖෂධය ඉවත් කර ඇත්තේ පසුගිය දා කාන්තාවක්  නිර්වින්දනය කිරීමෙන් පසු නැවත සිහි නොලබාම මියයාමෙන් පසුවය. එම කාන්තාවගේ මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූයේ ඇගේ මරණය සිදුව ඇත්තේ හෘදය අකර්මන්‍යවීමෙන් බවයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මියගිය එම කාන්තාවට ලබාදුන් නිර්වින්දන ඖෂධය මේ වනවිට ජාතික තත්ව රසායානාගාරය වෙත යවා ඇති බවයි. ඒ ඖෂධයේ ඉතිරිව ඇති තොග සියල්ල එලෙස පරීක්ෂාකරන බව ද හෙතෙම කීවේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ ද කීවේය.

“මියගිය කාන්තාවගේ හෘදයේ 80%ක් පමණ අවහිර වී තිබූ බව මරණ පරීක්ෂණයෙන් තහවරු වී තිබුණා. නිර්වින්දන ඖෂධය ලබාදීමෙන් පස්සේ හෘදය අකර්මණ්‍ය වී තිබෙනවා. නමුත් අපිට කියන්න බැහැ මේ නිර්වින්දන ඖෂධය ලබාදීම නිසා හෘදය අකර්මන්‍ය වුණා කියා. කෙසේ වෙතත් අපි මේ නිර්වින්ද ඖෂධයේ තත්වය ගැන පරීක්ෂා කළ බලනවා.”

Related articles

Recent articles

spot_img