2020 විසර්ජන කෙටුම්පත ඉදිිපත් කිරීම සඳහා ලබන නොවැම්බර් 12 වැනි දා පාරලිමේන්තුව රැස්වීමටත් 2021 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නොවැම්බර් 17 වැනිදා සිදුකිරීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (09) තීරණය කළේය.
ඒ අනුව එදින උදෑසන 10.00 සිට සවස 5.00 දක්වා විසර්ජන කෙටුම්පත දෙවන වර සහ තෙවනවර කියවීම සිදුවේ. ඉන්පසු 5.00 සිට රාත්‍රී 8.00 දදක් විපක්ෂය විසින් ගෙන එනු ලබන යෝජා සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගනු ලැබේ.
එදින උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීමේ අවස්ථාව නොපැවැත්වෙන අතර දිවා ආහාර සඳහා සභාව කල් තැබීම ද සිදුවන්නේ නැත.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අයවැය දෙවනවර කියවීමෙ සහ කාරකසභා අවස්ථා දින 11කට සීම කිරීමට මෙහි දී යෝජනා වුව ද විපක්ෂය එ් සඳහා සම්පූර්ණ දින ගණන ඉල්ලා ඇත.
මේ අනුව අයවැය දෙවැනි වර කියවීම සහ කාරක සභා අවස්ථාව පවත්වන දින ගණන සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැත. ලබන 12 වැනි දා නැවත පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමක් පවත්වා එ් පිළිබඳ තීරණයක් ගැනීමට එකඟතාව පළවිය.
කථානයක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, විමල් වීරවංශ, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, අනුර කුමාර දිසානාය, රාවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් සහභාගී වූහ.