-0.7 C
New York

කොටස් වෙළෙඳ පොළ අදත් ඉහළට

Published:

කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 25,197ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 3,228ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 18ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,194ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 489
  • හේලීස් සමාගම රුපියල් මිලියන 192
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 175

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 16
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 10
  • සීඅයිසී සමාගම කොටස් මිලියන 07

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X)  33%
  • ඇල්ෆා ෆයර් සමාගම 24%
  • බේරුවල රිසෝඩ් සමාගම 15%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 2.5ක් රුපියල් 34.20 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 932,000ක්  රුපියල් 155.50 බැගින්
  • පීපල්ස් රක්ෂණ සමාගම කොටස් මිලියන 1.3ක් රුපියල් 22.40 බැගින්
  • හැටන් නැෂනල් බැංකුව කොටස් 210,000ක් රුපියල් 157.00 බැගින්
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 1.4ක් රුපියල් 48.00 බැගින්
  • ඒසීඑල් කේබල් සමාගම කොටස් 250,000ක් රුපියල් 85.00 බැගින්
  • සීඅයිසී සමාගම කෙටස් මිලියන 60.39ක් රුපියල් 66.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 283
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 215
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 153ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 111ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 42ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 50
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 40
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 17

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලිය 101
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img