spot_img
spot_imgspot_img

කරාපිටියට යන වකුගඩු රෝගීන් අමාරුවේ. රුධිර කාන්දු පෙරණයට පෙරහණ නෑ

පුවත්

විදෙස්

වකුගඩු රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා සිදුකරන රුධිර කාන්දු පෙරණ (Dialisis)  ක්‍රියාවලියට අත්‍යාවශ්‍ය Dialyser නමැති පෙරහණයක් නොමැතිවීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණෙන වකුගඩු රෝගීන් දැඩි අසීරුවාවකට පත්ව ඇත.

කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ දිනකට ‍වකුගඩු රෝගීන් 35-40ත් අතර ප්‍රමාණයකට රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාරය සිදුකළ ද මේ වනවිට එම ප්‍රතිකාරය කරන්නේ අත්‍යාවශ්‍යම රෝගීන් කිහිප දෙනකු සඳහා පමණි. ඒ සඳහා අමාත්‍යාංශයෙන් රෝහලට ලැබෙන මුදලින් පිටත ඖෂධ සැල්වලින් මිල දී ගත් පෙරණ සහ පරිත්‍යාග ලෙස ලැබී ඇති පෙරණ සීමිත ගණනක් භාවිතා කරයි.

රෝහලේ ප්‍රකාශකයකු කීවේ රුධිර කාන්දු පෙරණය සිදුකළ යුතු රෝගීන්ට එය කළ නොහැකි වුවහොත් මරණය ඉක්මන් විය හැකි බවයි.

කෙසේ වෙතත් මෙම ප්‍රතිකාරය දැන් කරාපිටිය රෝහලෙන් ලබාදීම සීමා කර ඇති බැවින් කරාපිටිය රෝහලට පැමිණෙන වකුගඩු රෝගීන්ට ලැබෙන උපදෙස වී ඇත්තේ පුද්ගලික අංශයෙන් රුධිර කාන්දු පෙරණය කරගන්නා ලෙසයි. ඒ සඳහා එක් වරකට රුපියල් 17,500.00ක අවම මුදලක් වැය කිරීමට සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ගැටලුවක් ඇති බවයි. එවැනි උපකරණ සහ අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා අධිකරණයෙන් පවා නියෝග ලැබී ඇති බවත් ඉතාමත් ඉක්මණින් ගැටලුව විසඳන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!