-1.6 C
New York

කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළට

Published:

කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 31,062ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 4,945ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 99ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,176ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 541
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 500
  • එක්ස‍්පෝ ලංකා රුපියල් මිලියන 474

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 38
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 16
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 10

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඇල්ෆා ෆයර් සමාගම 25%
  • ලේක්හවුස් ප්‍රින්ටර්ස් සමාගම 21%
  • රෝයල් ෆාම් සමාගම 20%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව කොටස් මිලියන 1.9ක් රුපියල් 81.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 2.2ක්  රුපියල් 160.00 බැගින්
  • සීඅයිසී සමාගම කොටස් 743,000ක් රුපියල් 65.00 බැගින්
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 02ක් රුපියල් 141.00 බැගින්
  • එන්ඩීබී බැංකුව කොටස් මිලියන 5.9ක් රුපියල් 60.00 බැගින්
  • හේලීස් සමාගම කොටස් 400,000ක් රුපියල් 87.00 බැගින්
  • එලිෆන්ට් හවුස් සමාගම කොටස් මිලියන 02ක් රුපියල් 48.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 286
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 220
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 197

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 578ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 137ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 441ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 282
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 79
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 29

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කීල්ස් හෝටල් සමාගම රුපියල් මිලිය 05
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 04
  • හේලීස් සමාගම රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img