මොණරාගලට තව ලෙඩක්

0
192

(නයනජීව බණ්ඩාර)

කොරෝනා වසංගතය පැතිරයන අතරතුර මොණරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සෙංගමාලය පැතිරීමේ අවධානමක් ඇති බව මොණරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිළිණ වෙල්ලාලගේ පවසයි.

වෛද්‍ය වෙල්ලාලගේ පවසන්නේ පසුගිය දින කිහිපයේ දී මොණරාගල නගරය හා ඒ ආශ්‍රිතව සෙංගමාල රෝගීන් තිදෙනකු වාර්තා වී ඇති බවයි. කොරෝනා වසංගතය පැතිරයමින් පවතින මොහොතක සෙංගමාලය ද පැතිරීගිය හොත් ඉතාත් භයානක තත්ත්වයක් ඇතිවිය හැකි බව වෛද්‍යවරයා කීවේය.

“ කොරොනා වගේම සෙංගමාලය පාලනය කරගැනීමටත් යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම අත්‍යාව්‍යයයි. ඒ වගේම උණ, උදරයේ වේදනාව, වමනය, ඇස් කහ පැහැ වීම, මුත්‍රා තද පැහැයක් ගැනීම වැනි රෝග ලක්ෂණ තිබේනම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න කියා අපි ඉල්ලා සිටිනවා.” යැයි වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here