spot_img
spot_imgspot_img

යල්පැන ගිය කම්කරු නීතිය, අලුත් කරන්න පියවර ගනී

පුවත්

විදෙස්

කම්කරු නීති පද්ධතිය සංශෝධනය කිරීම සඳහා මහජනතාව විසින් කරන ලද යෝජනා ද සැළකිල්ලට ගනිමින් සැකසූ කම්කරු නීති දළ කෙටුම්පත කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

ඒකාබද්ධ කමිකරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා වන මෙම කෙටුම්පත ප්‍රසිද්ධියට පත්කිරීමට පෙර මෙලෙස කම්කරු උපදේශන සභාව වෙත ඉදිරිපත් කරයි. ඉන්පසු එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කර අනුමත කරගැනීමට නියමිතය. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් මූලික කෙටුම්පතක් සකස් කර අමාත්‍යාංශයට යොමු කරනු ලැබේ

. එයට අමාත්‍යාංශයේ නිරීක්ෂණ යොමු කිරීමෙන් පසුව අවසන් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කෙදර්. ඉන් පසුව භාෂා තුනටම පනත් කෙටුම්පත පරිවර්තනය කරන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න සලකා බැලීම සදහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරේ. නීතිපතිවරයාගේ නිරික්ෂණද ලබාගැනමෙන් පසුව පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලටය යොමු කර අනුමැතිය ලබාගැනීමට නියමිතව ඇත. ඉන්පසු එය පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුතුය.

මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පවසන්නේ දැනට ශ්‍රී ලංකාවේ පවතින කම්කරු නීති නවීන ලෝකයට නොගැ‍ලපෙන බවයි. ඒ අනුව නව පනතක් සම්මත කරගැනීමේ අවශ්‍යතාව කාලයක සිට පැවති බවත් දැන් ඒ සඳහා මහජනතාවගේ අදහස් පවා සැළකිල්ලට ගෙන දළ පනත් කෙටුම්පත සකසා ඇති බැවින් එය පාර්ලිමේන්තුවේ කඩිනමින් සම්මත කරගැනීමට අපේක්ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!