spot_img
spot_imgspot_img

දරු තිදෙනකු කුස දරාගත් මවක් රෝහලේ දී මියයයි

පුවත්

විදෙස්

තුන් නිවුන් දරුගැබක් දරාගෙන සිටි මවක් රාගම රෝහලේ දී මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ කුඩාබදුගේ ලවන්ති චතුරි ජයසූරිය නමැති 36 හැවිරිදි, මාකොළ, උතුරු මාකොළ පදිංචි කාන්තාවකි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන ඇය ගෝනවල පමුණුව විද්‍යාලයේ ගුරුවරියක වශයෙන් සේවය කළාය.

විවාහ වී වසර 08ක් යනතුරු දරුවන් නොමැතිව සිටි ඇය ගැබිණියක වූ බව දැනගත් පසු සිදුකරන ලද වෛද්‍ය පරීක්ෂණවලින් තහවරු වී තිබුණේ නිවුන් දරුවන් තිදෙනකු ගැබ තුළ සිටින බවයි.

කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ හදිසි මරණ පරීක්ෂණයේ දී ඇගේ සැමියා පවසා ඇත්තේ වෛද්‍ය උපදෙස් මත පසුගිය 28 වැනි දා තම බිරිඳ රාගම රෝහලට ඇතුළත් කළ බවයි. ඒ වනවිට දරුගැබට සති 23ක් පමණ වූ බව ද ඔහු පවසා තිබිණි. 29 වැනි දා ඇය අසාධ්‍ය තත්වයට පත් වූ බවත්, ඉන් පසු 30 වැනි දා පෙරවරුවේ දැඩි සත්කාර ඒකකයට ගත් නමුත් 02 වැනි දා සවස ‍තම බිරිඳ මියගිය බවත් දරුවන් තිදෙනා බේරාගැනීමට නොහැකි වූ බවත් රෝහලෙන් දැනුම් දුන් බවත් ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රණවීරගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.

“මේ මවගේ ජීවිතය බේරාගැනීමට අපි නොගත් උත්සාහයක් නැහැ. ඇතැම් විශේෂඥ වෛද්‍යවරු පුද්ගලික රෝහල්වල දී ගර්භාෂවල ඩිම්බ තැන්පත් කරලා දරුවන් පිළිසිඳ ගැන්වීම කරනවා. මේ කාන්තාවටත් එවැනි නලදරු උපතක් කර තිබෙනවා. එහි දී දරු කළල තුනක් ඇතිවෙලා. මේවා රජයේ රෝහල්වල සිදුකරන්නේ නැහැ. නමුත් ඇති වූ සංකූලතා නිසා එම වෛද්‍යවරයා විසින් උපදෙස් දී තිබෙන්නේ ළඟම ඇති රජයේ රෝහලට ඇතුළත් වන ලෙස. අපිට මේ මව හෝ දරුවන් තිදෙනා ම බේරාගැනීමට නොහැකි වුණා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!