පොලිස් නිලධාරිනියන්ට විශේෂ සහනයක්

0
153

බස්නාහිර පළාතේ සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල පදිංචිව සිටින ගැබිනි පොලිස් නිලධාරිනියන්ට හා වයස අවුරුද 02ට අඩු දරුවන් සිටින පොලිස් නිලධාරිනියන්ට සේවයට වාර්තා නොකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දි තිබේ.

ඒ සම්බන්ධ උපපදෙස් කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරුන්ට හා පොලිස් ස්ථානාධිපතිවරුන්ට නිකුත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

“මේ අවස්ථාව හිමිවන්නේ බස්නාහිර පළාත තුළ පිදිංචි, බස්නාහිර පළාතේ පොලිස් ස්ථානයකට අනුයුක්තව සේවය කරන හෝ හුදකලා කරන ලද වෙනත් ප්‍රදේශයක පදිංචි හෝ එම ප්‍රදේශවල පොලිස් ස්ථානයන්ට අනුයුක්තව සිටින නිලධාරිනියන්ට. ඔවුන් රාජකාරී සඳහා වාර්තා කිරීම අවශ්‍ය වන්නේ නැහැ. නිවසේ රැඳී සිටිය හැකියි. එසේ නිවසේ රැඳී සටියත් ඔවුන්ට ලැබෙන සියලුම වැටුප් දීමනා ඒ ආකාරයෙන් ම ලබාදීමට තීරණය කර තිබෙනවා.” යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here