-1.6 C
New York

මහ වැසි ඇතිවීමේ අවදානමක් ගැන කියයි

Published:

ඉදිරි පැය 36 ක කාලයේ දී මහ වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ සබරගමු පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 150ට වැඩි මහ වැසි ඇතිවිය හැකි බවයි.  එමෙන් ම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

රටේ නිරිතදිග ප්‍රදේශයේ දැනටත් වැසි සහිත කාලගුණික තත්වයක් පවතින බැවින් එම තත්වය තවදුරටත් පවතිනු ඇතැයි ද කාලගුණ විද්‍යාඥයෝ පුරොකථනය කර ඇත.

උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර, ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related articles

Recent articles

spot_img