spot_img
spot_imgspot_img

“ප්‍රභාකරන් මැරුණා දැයි දන්නේ නෑ, ඔක්කොම කළේ මහින්ද” – මෛත්‍රීගෙන් අනාවරණයක්

පුවත්

විදෙස්

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියා ද යන්න තමන් ස්ථිරව ම දන්නේ නැතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ඊයේ (02) යාපනයේ දී කීවේය.

ඔහු මේ බව කියා සිටියේ නල්ලූරිහි පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් හෝ එම මරණය සම්බන්ධයෙන් පැවැත්වූ බව කියන ජාන පරික්ෂණය සම්බන්ධයෙන් හෝ තමන්ට කිසිම දැනුම්දීමක් කිසිම වගකිවයුතු පුද්ගලයකු විසින් නොකළ බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කීවේය.

හිටපු ජනාධිපති සිරිසේන මීට පෙර අවස්ථා ගණනාවක දී ම කියා සිටියේ ප්‍රභාකරන් ඝාතනය කර යුද්ධය අවසන් කරන අවස්ථාවේ දී මෙරට වැඩබලන සේනාධිනායකයා ලෙස කටයුතු කරමන් සිටියේ තමන් බවයි. ඉන් පසු 2015 ජනවාරි 08 වැනි දින පැවැත්වූ ජනාධිපතිවරණයෙන් මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස ද ඔහු පත්වූයේය.

තමන් වැඩබලන සේනාධිනායකයා ලෙස කටයුතු කරමින් සිටි බව වරක් ප්‍රකාශ කරමින් දැන් ප්‍රභාකරන් මියගියා දැයි නොදන්නා බව කීම විහිළුවක් නොවේදැයි මාධ්‍යවේදීන් විමසූ විට හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එම යුද්ධයේ අවසන් දින කිහිපයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විදේශගත වී සිටිය ද ඔහු එම රටවල සිට යුද්ධය මෙහෙය වූ බවයි.

“මම ඉතාමත් කෙටි කාලයයි යුද්ධය මෙහෙයවූයේ.” යැයි ද හෙතෙම කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!