ගෑස් මිල, රටේ අර්බුදයට පෙර තිබූ ගණනට බස්සන්න යයි

පුවත්

විදෙස්

ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකරන බවත්, එය මූල්‍ය අර්බුදය ඇතිවීමට පෙර තිබූ මුදලට සමාන කිරීමට උත්සාහ ගන්නා බවත් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ඔහු පවසන්නේ හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,000.00ට වඩා අඩු කිරීමට කටයුතු කරන බවයි.

මේ වනවිට ලිට්‍රෝ සමාගම සතුව ගෑස් තොග අවශ්‍ය තරම් තිබෙන බැවින් ගෑස් හිඟයක් ඇති නොවන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles