10.2 C
New York

ශ්‍රී ලංකාව, ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබයි

Published:

මහිෂ් තීක්ෂණ සහ ඩිල්ෂාන් මධුශංක දෙදෙනාගේ විශිෂ්ඨ පන්දු යැවීමත් පැතුම් නිශ්ශංගේ අගනා ශතකයක් හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම ඉතාමත් පහසුවෙන් පරාජයට පත්කළ ශ්‍රී ලංකා කණ්ඩාය ම 2023 ලෝකු කුසලාන තරඟාවලියේ ස්ථානයක් වෙන්කර ගැනීමට අද (02) සමත්වූයේය.

අද (02) සිම්බාබ්වේ, බුලවායෝහි දී පැවැති තරඟයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරදා ශ්‍රී ලංකාව කඩුලු 09ක ජයක් වර්තා කළේය.

කාසියේ වාසිය දිනාගත් දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබේ කණ්ඩායමට ලබාදුන්නේය. අද තරඟය සඳහා ආබාධයට ලක් වූ ලහිරු කුමාර වෙනුවට මතීෂ පතිරණ කැඳවා තිබිණි.

සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලු 03ම ලකුණු 30ක් ඇතුළත දවා ගැනීමට ඩිල්ෂාන් මධුශංක සමත්වූයේ සිම්බාබ්වේ කණ්ඩායම ආරම්භයේ සිට පීඩනයට පත්කරමිනි.

ප්‍රබල පිතිකරු ෂොන් විලියම්ස් ලකුණු 15ක් ලබා සිටිය දී මතීෂ පතිරණට ලැබුණු පහසු උඩපන්දුවක් ගිලිහී යාමේ ප්‍රතිඵලය වූයේ ඔහු සිය ඉනිම ලකුණු 56ක් දක්වා දිගුකරගැනීමයි. ඔහු මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ දැවීගිය අතර මහීෂ් තීක්ෂණ කඩුළු 04ක් සහ ඩිල්ෂාන් මධුශංඛ කඩුළු 03ක් දවාගනිමින් සිම්බාබ්වේ පිතිකරුවන් පන්දුවාර 32.2ක දී ලකුණු 165කට සීමා කළහ.

 පිළිතුරු ඉනිම ඇරඹු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල සඳහා ලකුණු 103ක් රැස්කර සිටිය දී දිමුත් කරුණාරත්න ලකුණු 30කට දැවී ගියේය. ඉන් පසු පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සමඟ එක්වූ පැතුම් නිශ්ශංක හතරේ පහරකින් කණ්ඩායමේ ජයග්‍රහණය තහවරු කළේ සිය එක්දින ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකය සම්පූර්ණ කරමිනි. ඒ වනවිට කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 25ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 09ක ඉතාමත් පහසු ජයග්‍රහණයක් හිමිවිය.

පන්දුයැවිමේදි මහීෂ් තීක්ෂණ කඩුලු 4ක් සහ ඩිල්ෂාන් මධුසංඛ කඩුලු 3ක් දවා ගත් අතර මතීෂ පතිරණ කඩුලු දෙකක් දවා ගත්හ.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා පිල සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය.

Related articles

Recent articles

spot_img