නිකවැරටියේ වෙළෙඳ සැල් වසා දමයි

0
80

නිකරවැරටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් 06 දෙනකු නගරය පුරා සැරි සරා ඇතැයි ලැබුණු තොරතුරු හේතුවෙන් නගරයේ වෙළෙඳ සැල් වසා දැමීමට වෙළෙඳ සංගමය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අංශ මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා ඔවුන් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරමින් සිටියි.

වෙළෙඳ සංගමය පවසන්නේ අද (09) වසා දමනු ලබන වෙළෙඳ සැල් හෙට (10) සහ අනිද්දා (11) දින දෙකෙහි ද විවෘත නොකිරීමට තීරණ කළ බවයි. මෙය වෙළෙඳ සංගමය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයක්  බවත් නිකවැරටිය නගරය හුදකලා කිරීමට තීරණයක් ගෙන නොමැති බවත් පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here