spot_img
spot_imgspot_img

DSI ලොක්කාගේ වෙඩි තබාගැනීමේ රංගනයේ හෙළිදරව්ව

පුවත්

විදෙස්

ඩීඑස්අයි සමාගමේ ප්‍රධානියාට කිසියම් පුද්ගලයකු විසින් වෙඩි තබා ඇතැයි පසුගිය 22 වැනි දා කරන ලද පැමිණිල්ල ව්‍යාජ පැමිණිල්ලක් බවත් එම වෙඩි තැබීම සිදුකර ඇත්තේ එම පුද්ගලයන් විසින්ම යැයි ද සැකපිට ආයතන ප්‍රධානියා ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

අදාළ ආයතන ප්‍රධානියා විසින් ම රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් මත සැලසුම් සහගතව මෙම වෙඩි තැබීම  සිදුකර ඇතැයි අනාවරණයවීමෙන් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් පිරිස අතර හිටපු හමුදා සෙබළෙක් සහ ආයතන ප්‍රධානියාගේ රියදුරන් දෙදෙනා ද වන බව පොලීසිය පවසයි. එම වෙඩිතැබීමට යොදා ගත් ටී-56 වර්ගයේ ගිනිඅවියක් මැගසින් 2ක් සහ ජීව උණ්ඩ 64ක් පොලිස් භාරය ගෙන ඇත.

පසුගිය 22 වනදා උදෑසන 5.30ත් 6.00ත් අතර වේලාවේ දී යම් පිරිසක් නිවස ඉදිරිපිට ගේට්ටුවට වෙඩිතබා ඇති බවට සැකකාර ආයතන ප්‍රධානියා විසින් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි. එම පැමිණිල්ල අනුව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වූ කරුණු අනුව ඩීඑස්අයි ආයතනයේ ප්‍රධානියා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඩීඑස්අයි ප්‍රධානියා තනතුර දරන සමාගම ඥාති සහෝදරයින් කිහිපදෙනෙකු හරහා පාලනය වන අතර පැමිණිලිකරු විසින් යෝජිත විශේෂ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් රැස්වීමක් එදින ම සවස පැවැත්වීමට නියමිතව තිබී ඇත. ඊට යම් බලපෑමක් එල්ල කිරීම සඳහා මෙම වෙඩිතැබීම සැලසුම් සහගතව සැකකරු විසින් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.

වෙඩිතැබීම සඳහා පැමිණි සැකකරුවන් ටී-56 ගිනිඅවියකින් වෙඩි ප්‍රහාර දෙකක් ගේට්ටුවට එල්ලකර තිබුණි. එමගින් කිසිවෙකුට ජීවිත හෝ දේපළ හානියක් සිදුවී නොමැත. මේ සඳහා සැකකරු විසින් ඔහුගේ රියදුරන් දෙදෙනාගේ සහාය ලබාගෙන ඇති අතර හිටපු හමුදා සෙබළා මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

ඒ සඳහා සැකකරු පොරොන්දු වූ රුපියල් ලක්ෂ 10ක මුදලින් රුපියල් 950,000.00ක මුදලක් හමුදා සෙබළා සහ රියදුරන් දෙදෙනා වෙත ලබාදී තිබූ බවද විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!