-0.7 C
New York

රාගම දී මවක මියගියේ එන්නතක් නිසා ?

Published:

රාගම රෝහලේ දී ලබාදුන් එන්නතක් හේතුවෙන් ඇති වූ ආසාත්මිකතාවකින් එක්දරු මවක් මියගොස් ඇතැයි සැකයක් ඇති වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පලිහවඩන ආරච්චි‍ගේ හංසිකා සජානි පෙරේරා නමැති කාන්තාවවකි. ඇය ජාඇල උතුරු බටගම ප්‍රදේශයේ පදිංචිව සිටියාය.

මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂක පී.ඩී.එන්.සේනානන්ද විසින් මරණ පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහි දී අනාවරණය වී අත්තේ විෂබීජයක් ශරීරගත වීම නිසා ඊට ප්‍රතිකාර ලෙස බව පවසමින් ලබාදුන් එන්නතක් හේතුවෙන් ඇති වූ ආසාත්මිකතාවයක් ඇති වී තිබෙන බවයි.

මෙම මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය රාගම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජේ.සී.බී.පොලොන්වල විසින් සිදුකර ඇත.

Related articles

Recent articles

spot_img