-0.7 C
New York

සුඛෝපභෝගී බසයක් ගිනි ගෙන විනාශ වෙයි

Published:

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද (30) අලුයම ගිනිගෙන විනාශ වී ඇැයි පොලිසිය කියයි.

මදුරන්කුලිය, කරිකට්ටිට ප්‍රදේශයේ දී මෙලෙස බසය ගිනිගෙන ඇත. බසය ගිනිගන්නා අවස්ථාවේ එහි සියලු ආසනවල මගීන් සිට ඇතත් ඔවුන්ට කිසිදු හානියක් සිදුව නැත. මගීන්ගේ ගමන් මළු කිහිපයක් ගින්නට හසුව විනාශ වී තිබේ.

මෙලෙස ගිනිගෙන ඇත්තේ යාපනය නගරයේ සිට ඊයේ (29) රාත්‍රී 10.30ට ගමන් ඇරඹූ බසයකි.

පුත්තලම නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ පාලවිය ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න පාලනය කළ ද, ඒ වනවිට බසය මුළුමනින්ම විනාශ වී තිබිණි.

Related articles

Recent articles

spot_img