තුන්වැනි පාසල් වාරයට විකල්ප ක්‍රමයක්

0
391

කොරෝනා වසංගත තතත්වය තුළ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා විකල්ප ක්‍රමවේද භාවිතා කිරීමට කටයුතු යෙදා ඇතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

අමාත්‍යාංශ ලේකම් ආචාර්ය උපාලි එම්. සේදර විසින් නිකුත් කර ඇති නිවේදනයේ දක්වා ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනය, බස්නාහිර පළාතේ ප්‍රමුඛ පාසල් හා දමිළ මාධ්‍ය සඳහා යාපනයේ ප්‍රමුඛ පාසල් ද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ද සම්බන්ධ කරගනිමින් විද්‍යුත් මාධ්‍ය හා තොරතුරු තාක්ෂණය ද උපයෝගී කරගනිමින් අධ්‍යාපනික වැඩසටහන් සකස්කරන බවයි.

මෙම වැඩසහටන් විකාශය කිරීම සඳහා දැනටමත් රූපවාහිනී නාලිකා කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර ඇත.

ප්‍රාථමික අංශයේ 3,4 සහ 5 ශ්‍රේණි සඳහා ප්‍රධාන විෂයයන් ද, 6 සිට 11 ශ්‍රේණි දක්වා ප්‍රධාන විෂයයන් ද, උසස් පෙළ සියලු විෂයයන් ද සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් විකාශන කටයුතු නොවැම්බර් 15 වැනි දින සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.

2020 අධ්‍යයන වර්ෂයේ 3 වන වාරය සඳහා අදාළ ශ්‍රේණිවල විෂයන්ට අදාළව විෂය නිර්දේශය අනුව වැඩසටහන් සකස් කර ඇත.

නොවැම්බර් 15 වන දිනට ප්‍රථම ශ්‍රේණි හා විෂයන්ට අදාළ විකාශන කටයුතු සිදුවන නාලිකා සහ කාලසටහන පිළිබඳව පසුව දැනුවත් කරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here