කටුනායක ගුවන් තොටුපොළේ සිට මගීන් 301ක් සහිතව ජපානයේ නරීටා ගුවන්තොටුපොළ දක්වා පියාසර කිරීම ආරම්භ කළ ගුවන් යානයක් පැය දෙකහමාරකට ආසන්න කාලයක් කොළඹ ගුවනේ පියාසර කරමින් සිට නැවත කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබිණි.
ඊයේ රාත්‍රී මෙලෙස යළි කටුනායකට ගොඩබස්වන ලද්දේ ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමට අයත් UL 454 අංකයෙන් පිටත් වූ 330-300 එයා බස් වර්ගයේ යානයකි.
ඊයේ රාත්‍රී 8.20ට පමණ ගුවන්තොටුපොළෙන් මෙම යානය පියාසර කිරීම ආරම්භ කර තිබුණ ද පැය 2යි විනාඩි 25ක කාලයකට පසු යළි කටුනායකටම ගොඩබැස්සවීමට සිදුව තිබිණි. කාර්මික දෝෂය හේතුවෙන් යානය යළි ගොඩබැස්සවීමට පෙර තෙල් දහනය වී තෙල්වල බර අඩුකර ගැනීමට අවශ්‍යව තිබූ නිසා පැය දෙකකට වැඩි කාලයක් අහසේ පියාසර කරමින් සිටීමට සිදුවූ බවත් ඒ අතරතුර ඇතිවන හදිසි අවශ්‍යථා සඳහා ගුවන්තොටුපොළ සූදානම් කර තිබූ බවත් ගුවන්තොටුපොළ ප්‍රකාශකයකු කීවේය.
මෙම යානය නිරුපද්‍රිතව ගොඩබැස්සවීමෙන් පසු එම මගීන් වෙනත් යානයකින් ජපානය බලා යැවීමට කටයුතු කර තිබිණි.
Dev Kowsala Samarajeewa තැබූ සටහනක් ඇසුරෙනි.



