-0.7 C
New York

වඳුරන්, වඳ කිරීමේ උත්සාහයක් ?

Published:

වඳුරන් වඳ කිරීමේ සැත්කම් සඳහා නියමු වැඩසටහනක් සැළසුම් කර ඇතැයි සත්ත්ව ගහන කළමනාකරණය පිළිබඳ පශු වෛද්‍යවරුන්ගේසංගමයේ උපදේශක වෛද්‍ය චමිත් නානායක්කාර පවසයි.

මෙම නියමු වැඩසටහන අනුරාධපුරය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බවත් ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ ද උපරිම දායකත්වය ලැබෙන බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

පිරිමි සතුන් වන්ධ්‍යාකරණ ශල්‍යකර්ම ක්‍රියාවලිය සිදු කිරීමට සැලසුම් කර ඇති අතර ගැහැණු සතුන් සඳහා හෝමෝනයක් ලබා දීමට නියමිතය. කෙසේ වෙතත් ඔහු පවසන්නේ මෙය ඉතාමත් අභියෝගාත්මක කාර්යයක් බවයි.

“මිනිසා විසින්, අපද්‍රව්‍ය සැළසුමකින් තොරව අනවශ්‍ය ලෙස බැහැර කිරීම නිසා වඳුරු ගහනය වැඩි වෙනවා. විලෝපිකයන්ට ගොදුරු වීම සහ පෝෂණය නොලැබීම හේතුවෙන් කැලෑවල වඳුරන්ගේ ගහනය සීමා වී ඇතත් නගර ආශ්‍රිත වඳුරන්ට එවැනි තර්ජනයක් නැහැ. ඔවුන් පෝෂ්‍යදායී ආහාර සමඟ නිදහසේ වැඩෙනවා,” ඔහු පැවසීය.

ස්වාභාවික විලෝපිකයන් හෝ ස්වභාවික පාලන සැලසුම් නොමැති කැලෑබද ප්‍රදේශවල වඳුරු ගහණයට සාපේක්ෂව නගර ප්‍රදේශවල වඳුර පැටවුන්ගේ පැවැත්ම සියයට 35 දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු පැවසීය.

“ශ්‍රී ලංකාවේ වඳුරන් වර්ග හතක් ජීවත් වනවා, ශ්‍රී ලංකාවේ වඳුරන් ලක්ෂ 30ක් ඉන්නවා කිව්වට එහෙම නැහැ. ඒ සංඛ්‍යාලේඛන බොරුවක්. ඇත්තටම රටේ ඉන්න වඳුරන් ප්‍රමාණය ලක්ෂ 03ක් පමණ වනවා. නගරබද ප්‍රදේශවල 50,000ක් සහ කැලෑ ආශ්‍රිතව 250,000ලෙස එම ප්‍රමාණ්‍යය සළකනවා. නමුත් නගරවල සිටින සහ ගම්මානවලට පැමිණෙන මේ 50,000ක් පමණ වන වඳුරන් නිසා මිනිසා ඉතාමත් බරපතල ගැටලුවලට මුහුණ දි තිබෙනවා”

Related articles

Recent articles

spot_img