spot_img
spot_imgspot_img

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1,794ක් ආගිය අතක් නෑ

පුවත්

විදෙස්

සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන 1,794ක් අස්ථානගත වී ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝපා කමිටුව) අනාවරණය විය.

වාහන 259ක් බාහිර පාර්ශවයන්ට පවරා දී ඇතැයි ද මෙලෙස අස්ථානගත වී ඇති වාහන අතර යතුරුපැදි 1,115ක් සහ මේාටර් රථ 679ක් පවතින බව ද කෝපා කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබිය යුතු නමුත්, අස්ථානගත වී ඇති වාහනවලට නැවත ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවත්වන්නැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනියක් කෝපා කමිටු රැස්වීමේ දී කියා සිටියාය.

අස්ථානගත වී ඇති වාහනවලින්, වාහන 425ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වූවත් ඒවා වෙන්දේසි කර අපහරණය කළා දැයි සොයා ගැනීමට අපහසු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු කීහ. අස්ථානගත වී ඇති යතුරුපැදි 1115 අතරින් තොරතුරු ලැබී ඇත්තේ 11ක පමණි.

ක්ෂේත්‍ර නිලධාරීන්ට මේ යතුරු පැදි ලබා දෙන්නේ ගිවිසුම්ගතව බවත් විශ්‍රාම යෑමෙන් පසු පෞද්ගලිකව ගෙන යෑමට ඒ අනුව අවසර හිමිවන බවත් ඔවුහු පෙන්වා දුන්හ. ඒ යතුරු පැදි සම්බන්ධයෙන්ද ඉදිරි කටයුතු කරගෙන බව එහිදී සඳහන් විය.

මේ වාහන බොහොමයක් 1950 සිට 1996 දක්වා ලියාපදිංචිවූ වාහන බව කෝපා කමිටුව පවසයි.

වාහන පරිපාලනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව දත්ත පද්ධතියක් ඇති නමුත් කෝපා කමිටුවේ සභාපතිවරයා කරන ලද විමසීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංංශ නිලධාරීන් කියා සිටියේ එම පද්ධතිය මේ වනවිට ක්‍රියාත්මක කරගෙන යන බවයි.

මෙම කාරක සභා රැස්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!