spot_img
spot_imgspot_img

“රිලවුන් චීනයට යැවීමක් සිදුවන්නේ නෑ” වනජීවී දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවෙන් චීනයට රිලවුන් අපනයනය කිරීමට පියවර නොගන්නා බව වනජීවී දෙපාර්තමේන්තුව අද (26) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

රිලවුන් චීනයට අපනයනය කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේ දී, ඒ පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති සහතික වීම නීතිපතිවරයා විසින් දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම පෙත්සම නැවත 2023 ජූලි මස 06 වැනි දා, වනජීවී දෙපාර්තමේන්තුව ලබාදුන් වගකීම සටහන් කරගැනීම සඳහා කැඳවීමට නියමිතය.

රිලවුන් චීනයට අපනයනය කරන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන ඊට එරෙහිව පෙත්සම් 30කට ආසන්න සංඛ්‍යාවක් ගොනුකර තිබිණි. එම පෙත්සම්කරුවන් ඉල්ලා සිටියේ රිලවුන් චීනයට අපනයන කිරීමේ තීරණය අවලංගු කරමින් සර්ටියෝරාරි ආඥාවක් නිකුත් කරන ලෙසයි.

ශ්‍රී ලංකා වනජීවී සහ පරිසර ආරක්ෂණ සංගමය ඇතුළු සත්ව ක්‍රියාකාරිකයන් සහ පරිසරවේදීන් කිහිප දෙනකු ගොනුකර තිබූ මෙම පෙත්සම් වෙනුවෙන් නීතිඥ අමිල කුමාරගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, නීතිඥ ප්‍රශාන්ති මහින්දරත්න, දිලුමි ද අල්විස්, ලක්මිණි වරුසවිතාන සහ රුක්ෂාන් සේනාධීර යන පිරිස පෙනී සිටියහ.

කෙසේ වෙතත් චීන තානාපති කාර්යාලය මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චීනයේ රජය හෝ වෙනත් කිසිම සමාගමක් හෝ රිලුවන් ආනයනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ඉල්ලා නැති බවයි.

මේ සම්බන්ධයෙන් අප 2016 අංක 12 දරණ තොරතුරු පනත යටතේ පරිසර අමාත්‍යාංශයෙන් තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවේ දී එවැනි කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ රැස්වීම්වල දත්ත හෝ ලබා දීමට එම අමාත්‍යාංශය අසමත් වී තිබිණි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!