-0.7 C
New York

හිටපු සෞඛ්‍ය ඇමති, සෝපානයෙන් වැටී මරුට

Published:

හිටපු සෞඛ්‍ය ඇමතිවරයකු වූ පී.එන්.බී.සිරිල් විදුලි සෝපානයක් කඩාවැටීමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

89 හැවිරිදි වියේ පසු වූ ඔහු පදිංචිව සිටි හම්බන්තොට සිරිබෝපුර නිවසේ දී මේ අනතුර සිදුව ඇත. නිවස මහල් තුනකින් යුතු අතර එම නිවසේ විදුලි සෝපානයක් ද සවිකර තිබී ඇත. තුන්වැනි මහළේ කිසියම් ඉදිකිරීමක් සඳහා අවශ්‍ය නිරීක්ෂණයකට ඇමතිවරයා විදුලි සෝපානයෙන් සිය රියදුරා සමඟ ගමන් කර ආපසු පැමිණීමට සූදානම්වෙද්දී සොපානය කඩා වැටී තිබේ.

තුවාල ලබා සිටි හිටපු අමාත්‍යවරයා හම්බන්තොට රෝහලට ගෙනගොස් එතැනින් කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව හම්බන්තොට පොලිසිය සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img