spot_img
spot_imgspot_img

ජේආර් මාමා කළ දේ ම, රනිල් බෑනාත් කරන්න යයි. බලය අල්ලන්න ජනමත විචාරණයක් ?

පුවත්

විදෙස්

රටේ ආර්ථික ගැටලු නිසා ජනාධිපතිවරණයක් පැවැත්වීමට නොහැකි බව කියමින් ජනමතවිචාරණයකින් රනිල් වික්‍රමසිංහගේ ධූර කාලය තවත් වසර 05කින් දීර්ඝ කරගැනීම සඳහා ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ සඳහා වූ යෝජනාවක් තුනෙන් දෙකක ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දී සම්මත කරගෙන අනතුරුව ජනමතවිචාරණයක් පැවැත්වීමට සූදානම් වෙමින් තිබේ.

වඩාත් සුදුසු ජනමතවිචාරණයක් ද ජනාධිපතිවරණයක් ද යන්න තීන්දු කිරීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කිරීමට මේ වනවිටත් යෝජනා වී තිබේ.

මෙම ජනමතවිචාරණයේ දී විමසන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවත් වසර 05ක ධූර කාලයක් ලබාදිය යුතුද නැද්ද යන්න බවත් එවැනි විමසීමක දී ඔහුට බලය ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් රනිල් වික්‍රමසිංහගේ හිතවතුන්ගේ මතය වී තිබේ.

ලබන නොවැම්බරයේ දී අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධූර කාලය අවසන් වීමට නියමිතය. ඊට පෙර ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවට පවා ඇති බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ජනමතවිචාරණයක් පැවැත්වූ එකම අවස්ථාව වන්නේ 1982 වර්ෂයයි. ජේ.ආර්.ගේ ලාම්පු කලගෙඩි සෙල්ලම ලෙස ප්‍රකට වූ එම ජනමතවිචාරණයේ දී විමසා සිටියේ පර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක් නොපවත්වා එවකට පැවති පාර්ලිමේන්තු සංයුතිය ම ඉදිරියට පවත්වාගෙන යාමයි. පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍යබව පවසමින් ජනමතවිචාරණය පරාජයට පත් වූ මැතිවරණ කොට්ඨාස සඳහා පමණක් අතුරුමැතිවරණ පවත්වන ලදී.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජනමතවිචාරණය හඳුන්වා දුන් සහ 1982 ජනමත විචාරණය පැවැත්වූ ජේ.ආර්.ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ බෑණා කෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!